Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

ඇලෝෂියස්ට දුරකතන ඇමතුම් 39ක් ගත් වත්මන් ඇමති

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මහ බැංකු බැඳුම්කර සිද්ධිය සමයේ අර්ජුන් ඇලෝෂියස්ට දුරකතන ඇමතුම් 39ක් දී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අනාවරණය කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) විකාශය වූ හිරු සලකුණ දේශපාලන...

සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කිරීමට උපදෙස්

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 1 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින්...

නාමයෝජනා අවලංගු කිරීමේ කෙටුම්පත ගැසට් කරයි

2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලු‍තින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි මෙම...

ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පෙරවරුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සිදුකරන ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා රජය විසින් ගෙන එනු ලබන වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධයෙන්...

ගුරු සංගමය ලේකම් නිදහස් කෙරේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පැවති උද්ඝෝෂණයකදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ ඊට අදාළ නඩුව අද...

පළමු සභා වාරවල සංග්‍රහ මිල වෙනස් වුණේ ඇයි?

" පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයෙන් පසුව ලබා දුන් තේ පැන් සංග්‍රහවල සත්‍ය වියදම් මෙන්න" යන මැයෙන් පසුගියදා ජාතික පුවත්පතක පළවූ වාර්තාව සම්බන්ධව පාර්ලිමේන්තුව විසින් මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් කරුණු අවධාරණය කර තිබෙනවා. එම මාධ්‍ය වාර්තාවේ දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු වැය ශිර්ෂ යටතේ...

තිසර නානායක්කාර ලබන 17 වනදා දක්වා යළි රිමාන්ඩ්

මූල්‍ය වංචා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බව සදහන්. ෆින්ලන්තයේ රැකියා දෙන...

සළෝචන ගමගේ යළි රිමාන්ඩ්

රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී සළෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම්...

සමගි ජන බලවේගය ආණ්ඩුවට දොස් කියයි

මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ආණ්ඩුව විශාල සිරවීමකට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය පවසනවා. එහි මහලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් මේ බව පෙන්වා දුන්නේ මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදුටු අවස්ථාවේයී. සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු...

ස්මාර්ට් යූත් සම්බන්ධයෙන් මූල්‍ය වංචා පරීක්ෂණයක්

පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති රනිල්...
statistics