
මූල්‍ය වංචා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා වන තිසර නානායක්කාර ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බව සදහන්.
ෆින්ලන්තයේ රැකියා දෙන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිසර නානායක්කාර බිබිල ප්‍රදේශයේ දී පසුගිය 28 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර ඊට අදාළ සාක්ෂි ලබා ගැනීමද මේ දිනවල සිදු කෙරෙනවා.
එහි දී ලැබෙන තොරතුරු මත පදනම්ව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බවයි විමර්ශන කණ්ඩායම් සඳහන් කළේ.
source :- https://tinyurl.com/28rjdmpu








