
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා චෝ ටේ-යූල් අතර හමුවක් අද සිදුවීමට නියමිතව තිබෙනවා.
දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවත්වෙන එම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා පුළුල් කිරීම, උතුරු කොරියානු තර්ජන වැළැක්වීමේ උත්සාහයන් සහ තවත් ප්‍රධාන කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එවන් පසුබිමක් තුළ උතුරු කොරියාව විසින් එරට නැගෙනහිර මුහුදේ බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව ද දකුණු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියාව බැලැස්ටික් මිසලයක් අත්හදා බලා ඇත්තේ මාස 02 කට පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
source :- https://tinyurl.com/yck26hen








