වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මහ බැංකු බැඳුම්කර සිද්ධිය සමයේ අර්ජුන් ඇලෝෂියස්ට දුරකතන ඇමතුම් 39ක් දී ඇතැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අනාවරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) විකාශය වූ හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීමේ ලැයිස්තුව ඉදිරිපත් කරනු ලැබුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් වන අර්බුදය යට ගැසීමට වන බවයි.

එහිදී ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද සිටීද යනුවෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ එලෙස මුදල් ලබා ගෙන ඇති බවත්, ඊට අමතරව වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දරන ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු මහ බැංකු බැඳුම්කර සිද්ධිය සමයේදී අර්ජුන් ඇලෝෂියස්ට දුරකතන ඇමතුම් 39ක් දී ඇති බවයි.

එම වීඩියෝව පහතින්,

source :- https://tinyurl.com/stjhcnbx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here