පසුගිය රජය සමයේ ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ ස්මාර්ට් යූත් නයිට් ප්‍රදර්ශනය සහ ප්‍රසංග මාලාවේදී සිදුව ඇති බවට පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එවකට සිටි තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් තරුණ සභාවේ මුදල් අවභාවිතා කර ඇති බවයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සදහන් කළේ.

2024 වසරේ තරුණ සේවා සභාව හරහා සංවිධාන කළ මෙම ප්‍රසංග මාලාව වෙනුවෙන් මෙම මුදල් වියදම් කොට ඇති බවයි පැවසෙන්නේ.

source :- https://tinyurl.com/3b96349b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here