
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ඊයේ (05) රාත්රී කාලයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.
මෙසේ පීලිපැනීමට ලක්ව ඇත්තේ, මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්.
එම දුම්රිය පීලිපැනීමෙන් අනතුරුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබුණා.

මේ වනවිට දුම්රිය සේවකයින් එම පීලිපනින දුම්රිය කොටස ඉවත්කොට ඇති අතර, මේ වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතියි.
එම නිසා දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙනවා.
source :- https://tinyurl.com/zcura9z3







