Thursday, April 23, 2026

දේශපාලන පුවත්

මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙ

එළඹෙන සතියේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ නීතීඥ ෆයිසර් මුස්තාපා සහ සමගි ජන බලවේගය නියෝජනය කරම්න් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ,...

ක්ෂේත්‍ර රැසක් නගා සිටුවීමට නවසීලන්ත රජයේ සහය

ආහාර සුරක්ෂිතතාව, වෛද්‍ය විද්‍යා පර්යේෂණ,ක්‍රීඩා සහ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ඇතුලු ක්ෂේත්‍ර රැසක අභිවෘද්ධිය වෙනුවෙන් නවසීලන්ත රජයේ පූර්ණ සහය මෙරටට ලබා දෙන බව එරට මහ කොමසාරිස් ඩේව්ඩ් පයින් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

කථානායක රන්වලගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තු මහලේකම්වරියට ලිඛිතව දන්වා තිබෙනවා. 10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස තෝරා පත්කරගනු ලැබූ අසෝක රන්වල ඊයේ කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනු ලැබුවේ ඔහුගේ...

ඉන්දීය මහකොමසාරිස් සහ අගමැතිනිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය, අචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරට අතර පවතින අතර දිගුකාලීන මිත්‍රත්වය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා. ඉන්දීය රජය මෙරට සිදු කරන ව්‍යාපාර සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය...

නව කථානායක තෝරා පත් කර ගැනීම 17 වැනිදා

පාර්ලිමේන්තුව මීළගට රැස්වන පළමු දිනයේදීම කථානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න ප්‍රකාශ කළා. ඒ අනුව ලබන 17 වැනිදා නව කාථානායවරයා තෝරාපත් කරගත යුතුවනවා. අලුතින් පත් කෙරෙන මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් බෙදීමක් පවතින්නේ...

කථානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි. ඉකුත් නොවැම්බර් 21...

මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සුජීව අධිකරණයට

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම නිවස පරීක්ෂා කිරීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම...

මැතිඇමැත්තන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කරන්න තේරීම් කාරක සභාවක්?

කතානායක අසෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවෙන් පසු ජාතික ජන බලවේගය නියෝජනය කරන මැතිඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ඒ සඳහා වෙන යෝජනාව ඉදිරියේදී...

රාජ්‍ය සංචාරයක් සඳහා ජනපති අනුර ඉන්දියාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15-17 දිනවල රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. එහිදී ජනපතිතුමන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කරනු ඇති බවයි සඳහන් වෙන්නේ. එහිදී අනුර කුමාර දිසානායක ආයෝජන සහ...

ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව කොළඹ වරාය...
statistics