ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක කොමිසමේ සාමාජිකයින් වෙත අද (13) ජනාධිපති කාර්යාලයේදී පිරිනමා ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර පත්කර තිබෙනවා.

ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනු ඇති.

source :- https://tinyurl.com/3p4j3b69
No description available.No description available.No description available.No description available.No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here