විදුලි බිල, ඉන්ධන මිල අඩු කරන්න බැරි හේතුව ආචාර්ය නාලක ගොඩහේවා කියයි
රට ගොඩ නැගීමේ සැලසුමක් වර්තමාන ආණ්ඩුව තුළ දක්නට නොමැති බවත් ඉතා කෙටි කාලයක් තුළ බරපතල ආර්ථික අහේනියකට ශ්‍රී ලංකාව මුහුණ දීමට වැඩි ඉඩක් පවතින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
එම සම්මුඛ සාකච්ඡාවේදී නාලක ගොඩහේවා මෙසේද පැවසුවා.
ඔබතුමා මේ දවස්වල මොනාද කරන්නේ?
මමත් ඔබ වගේම මේ දවස්වල රටේ වෙන්නේ මොනාද කියලා බලන් ඉන්නවා..
ඔබතුමා ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයට එකතු වුණා. නමුත් මහ මැතිවරණයට තරග නොකළේ ඇයි?
මම සමගි ජනබලවේගයට එකතු වුණේ නෑ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වුණා ආණ්ඩුවෙන් ඉවත් වෙලා.. මම ස්වාධීන අපේක්ෂකයෙක් විදිහට ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණ සජිත් ප්‍රේමදාසට සහාය දුන්නා විතරයි. නමුත් මම සක්‍රීයව එතුමාගේ මැතිවරණ ව්‍යාපාරවලට සහභාගී වුණේ නැහැ. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පරාජය වුණාට පස්සේ මම මහ මැතිවරණයට ඒ අය එක්ක එකතු වුණේ නැහැ.. කොහොමත් මම තීරණය කළා මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා..මොකද මට පිළිගන්න පුලුවන් කිසිදු පක්ෂයක් තිබ්බේ නැහැ..
එතකොට ඔබතුමා නියෝජනය කරන පක්ෂය මොකද්ද?
මම දැන් ස්වාධීන පුරවැසියෙක්. ඔයා වගේමයි.
මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් වෙලා හිටපු ඔබ ඇයි මේ වෙලාවේ ඔබ පක්ෂයක් නියෝජනය නොකරන්න හිතුවේ?
මට පක්ෂයක් තියෙනවා. මම නිදහස් ජනතා පෙරමුණ.. හෙලිකොප්‍ටර් ලාංචනය තියෙන්නේ. නිදහස් ජනතා පෙරමුණ තමා මගේ පක්ෂය ඉදිරියේදී අපි බලනවා ඡන්දවලට ඉදිරිපත් වෙනවද. සන්ධාන ගත වෙන්නේ කොහොමද මොකද්ද කරන්නේ කියලා. හැබැයි ඒ කිසි දේකට මේක වෙලාව නෙමේ. මේ වෙලාවේ අපි පවතින රජයට ඉඩ දීලා බලන් ඉන්නවා.
ඔබ තුමා ඔය නියෝජන කරනවා කියන නිදහස් ජනතා පෙරමුණ ප්‍රසිද්ධ පක්ෂයක් නෙමේනේ?
මේක ඇත්තටම අලුත් පක්ෂයක් අපි මේක පිහිටුවා ගත්තේ පාර්ලිමේන්තුවෙන් ස්වාධීන වුණාට පස්සේ. 2022 සැප්තැම්බර් තමා මේ පක්ෂය පිහිටුවා ගත්තේ.. අපිට ඉදිරිපත් වෙන්න තාම මැතිවරණයක් තිබ්බේ නෑ.. අපි ඉදිරිපත් වෙන්නෙ හිටියේ පළාත් පාලන මැතිවරණයට ඒකට ඉදිරිපත් වෙන්න විදිහක් නෑනේ ඒක දිනෙන් දින කල් යනවානේ.
2020 මහමැතිවරණයෙන් ගම්පහෙන් ඔබතුමා පළවෙනියා වුණා එහෙම ජයග්‍රාහණයක් ලබපු ඔබ මෙවර මහමැතිවරණයට තරග නොකිරීම ප්‍රශ්නයක් නොවේද?
2020 තරග කළේ පොහොට්ටුවෙන්. මැතිවරණයක කවුරු හරි කෙනෙක් විශාල ඡන්ද ප්‍රමාණයක් ගන්නවා නම් ඒකට පුද්ගලික ජනතා ආකර්ෂනයටත් වඩා වැදගත් වෙනවා ඒ වෙලාවේ ඉදිරිපත් වෙන පක්ෂයට තියෙන ආකර්ෂණය.. ඒ වෙලාවේ පොහොට්ටුවට ලොකු ආකර්ෂණයක් තිබුණා. නමුත් 2024 වෙද්දී පොහොට්ටුවෙන් ඉවත් වෙලා මම ස්වාධීන් වෙලා හිටියේ..ඒ වෙලාවේ පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරිපත් වුණ එක පක්ෂයකටවත් මගේ කැමැතත්ක් තිබ්බේ නෑ ඒ නිසා මං හිතුවා ඒ වෙලාවේ සුදුසුම දේ මැතිවරණයට තරග නොකර ඉන්න එක කියලා..
ඔබට මත්‍රීකමක් නොමැති එක ගැන දුක නැද්ද ?
2020 දීත් මම මැතිවරණයට ඉදිරිපත් වුණේ ගෝඨාභට සහ මහින්ද මගෙන් උගත් කෙනෙක් හැටියට මැතිවරණයට තරග කරන්න කියලා ඉල්ලා තිබ්බ නිසා නැතුව බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.. කොහොම වුණත් ලංකාවෙන්ම තුන්වෙනියා වෙලා ගම්පහෙන් පළවෙනියා වෙලා මට පාර්ලිමේන්තු එන්න පුලුවන් වුණා.. පාර්ලිමේන්තුවෙත් මම යන්න පුලුවන් ඉහළම තැනට ගියා.. ස්වාධීන වෙලා විපක්ෂයෙත් හිටියා දේශපාලන අත්දැකීම් විශාල වශයෙන් මම ලබා ගත්තා. මම බලයට ආසාවක් නෑ.. තනතුරු තිබ්බා කියලා ආරක්ෂකයින්, නිල නිවාස වරප්‍රසාද මම ගත්තේ නෑ.. ඒ නිසා මට කණගාටුවක් නෑ. දේශපාලනයේ ඉන්නවා නම් ජනතාවට වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනේ. එහෙම වැඩක් කරන්න බැරුව නිකන් ඉදගෙන රණ්ඩු වෙවී ඉන්න මට ඕනේ නෑ.. ඒ නිසා ඒක මට දුකට කාරණයක් නෙමේ.. මන්ත්‍රි කෙනෙක් වුණා කියලා මට විශේෂ කිසිම දෙයක් වුණේ නෑ.. හොයලා බලන්න මම නිල නිවාස පවා ප්‍රතික්ෂේප කළා.. ප්‍රභූ ආරක්ෂාව ප්‍රතික්ෂේප කරපු එකම කෙනා වෙන්න ඇති මම.. ගිනි අවියක් අරන් නෑ. පාර්ලිමේන්තුවෙන් කාලා නෑ හතර පස් වතාවකට වඩා.. වෙනදා වගේම මම මගේ වාහනේ එළවගෙන ගියේ මන්ත්‍රී වුණා කියලා කිසිම වෙනසක් වුණේ නෑ.. ඒ නිසා කණගාටුවක් නෑ. වෙනදට වඩා හොදින් ඉන්නවා හිත නිදහස්.
ඔබතුමා ආර්ථිකය පිළිබඳත් විශේෂඥයෙක්.. ඔබතුමා මොකද හිතන්නේ වර්තමාන රටේ ආර්ථික තත්ත්වය ගැන?
අපේ රටේ ආර්ථිකය 2022 වර්ශයේ දී විශාල අර්බුදයකට ගියා කියලා අපි හැමෝම දන්නවා.. ඉන් අපිට යම්කිසි සහනදායී මට්ටමකට එන්න පුලුවන් වුණේ රට බංකොළොත් කියලා ප්‍රකාශ කලාට පස්සේ ණය ගෙවීම නතර වුණ නිසා.. ප්‍රධාව වශයෙන් ස්වාරී බැදුම්කර ගෙවන එක නතර කළ නිසා තමා අපි යම්කිසි සහනදායි මට්ටමක් පේන්න ගත්තේ.. නමුත් 2028 ඉදන් නැවත ණය ගෙවීමට සිදුවෙනවා.. ඒක තමා IMF එකත් එක්ක තියෙන එකගතාවය. අපි දැන් යම් සහනදායි මට්ටමක හිටියට මට පේන්නේ නෑ 2028 ණය ගෙවන්න ගත්තාම මේක එලෙසින්ම පවත්වා ගැනීමට හැකියාව මම දකින්නේ නෑ. මම හිතනවා අර්බුදයක් තියෙනවා.. තව අවුරුදු තුනක් ඇතුළත බරපතල ආර්ථික අහේනියකට රට පත් වෙන්න පුලුවන්.. බලමු අලුත් ආණ්ඩුවක් ඇවිත් තියෙනවා ඔවුන්ට විශාල බලයක් තියෙනවා ඔවුන්ට බොහෝ දේවල් කිරීමට අවස්ථාවක් ලැබිලා තියෙනවා.. බලන් ඉමු අපි බලාපොරොත්තු වෙනවා මෙයාලා මේකෙන් ගොඩ එන්න මොනා හරි කරයි කියලා අවාසනාවකට මට තාම එහෙම පෙන්නේ නෑ..
ඒ කියනෙනේ ඔබතුමා හිතන විදිහට මේ ආණ්ඩුවට රට හදන්න පුලුවන් ද බැරිද?
මම එහෙම කියන එක සාදාරණ නෑ.. නමුත් සාමන්‍ය පුරවැසියෙක් විදිහට බැලුවොත් තාම මෙයාලගේ ආර්ථික ප්‍රතිපත්තිවල වෙනසක් නෑ තාම රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කරනවා මිස අලුතින් ඒ කියන්නේ රැඩිකල් චේන්ජ් මුකුත් නෑ.. ඒ වගේම තවත් භයානක දෙයක් තමා රාජ්‍ය අංශයේ වෙනසක් නොකර පාඩු ලබන ආයතන පිළිබඳ තීරණයක් නොගෙන සුබ සාධනය කරා යන ලකුණු පේනවා.. ඒක අහිතකර වෙන්න පුලුවන්.
හාල් පොල් වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍ර ලෙස ගිහිං ඒ වගේම සමහර භාණ්ඩවල හිඟයක් තියෙනවා රටේ මිනිස්සුන්ට මීට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් උදා කරලා දෙන්න මේ ආණ්ඩුවට බැරි ද?
සමහර ප්‍රශ්නවලට කෙටි කාලීන විසඳුම් නෑ.. ඒවට තියෙන්නේ දිගු කාලීන විසඳුම්.. විශ්ෂයෙන් පොල් ප්‍රශ්නය මේ වෙලාවේ ඇත්තටම පොල් හිඟයක් තියෙනවා..ඒකට විසඳුම තමා ගෝඨාභය මහත්තයා එක පාරක් කරන්න හැදුවා වගේ වර්ධනය කරන්න ඕනේ.. හාල් ප්‍රශ්නය නම් තර්ජනය කරලා විසදන්න පුලුවන් එකක් නෙමේ.. හාල් වෙළෙදපොල පුලුල් කරන්න ඕනේ. හාල් ප්‍රශ්නයට විසඳුමක් ලෙස සුලු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ව ශක්තිමත් කරන්න ඕනේ..
ආණ්ඩුව බලයට එද්දී කිව්වා ඉන්ධන මිල ගොඩක් අඩු කරනවා කියලා ඒත් සැලකිය යුතු විදිහට මිල පහළ දැම්මේ නෑ ඔබ හිතන්නේ ඇයි ඒ?
ලෝක වෙලදපොලේ බොරතෙල් මිල උච්චාවවනය වන විදිහට ලංකාවේ ඉන්ධන මිලට බද්දක් අය කරනවා.. එම බද්ද රජය ආදායමක් ලෙස ලබා ගන්නවා..මේ ආණ්ඩුව ලොකු පොරොන්න්දුවක් දුන්නා මේ බද්ද අඩු කරනවා කියලා.. දැන් ඒක නොකරනවා එතන තියෙන්නේ ජනතාව මුලාවට දැමීමක්.. මම පිලිගන්නවා රජයට ආදායමක් එන්න බද්ද රජයට අය කරන්න වෙනවා.. නමුත් ඔවුන් කිව්වා තෙල් මිල අඩු කරන්න පුලුවන් කියලා ඒ කියන්නේ බොරු කියලා බලය අරන් තියෙන්නේ.. තෙල් මිල අඩු කරන්න බදු අඩු කරන්න ඕනේ.. රජය දැන් තමා ආණ්ඩුවක් කරන විදිහ ඉගෙන ගන්නේ.. දැන් තේරෙනවා.. බලයට ආවට පස්සේ ආණ්ඩුව කරන්න සල්ලි ඕනේ කියලා.. ඒකයි අඩු නොකරන්නේ..
විදුලි බිලටත් ඔය ප්‍රශ්නයම තමා තියෙන්නේ මාස 6ක් යනකල් මිල සංශෝධනයක් කරන්නේ නෑ කියලා කියනවා හැබැයි බලයට එන්න කලින් කිව්වා අඩු කරනවා කියලා නමුත් ආණ්ඩුවට ඒක කරන්න බැරි වුණා?
මේ අය බලයට එන්න කලින් කිව්වා IMF එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට දැඩි ලෙස පීඩා දෙන විදුලිබිල තෙල් මිල අඩු කරනවා කියලා හැබැයි ආවට පස්සේ මෙම ආණ්ඩුවට IMF එකත් සමඟ ගනුදෙනු කරන ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයක් තිබ්බේ නෑ ඒ සඳහා පෙර සූදානමක් තිබ්බේ නෑ. මොන්ටිසෝරී ළමයි වගේ IMF නිලධාරීන් එක්ක වාඩිවෙලා සෙල්ෆි ගහලා ෆේස් බුක් දාන එක කළේ. මොනතරම් ලැඡ්ඡා නැති වැඩක් ද? එයාලා IMF කිව්වාම ජනතාව සහන දෙන්න කියලා IMF කිව්වා හරි ඔයාලා රජයට ආදායම උපය ගන්න හැටි අපට කියන්න කියලා.. ඒක කියන්න මෙයාලට දැනුමක් වැඩපිලිවෙලක් තිබ්බේ නෑ.. දැන් එයාලට සිද්ධ වෙලා තියෙනවා වැඩපිලිවෙලක් නැති නිසා IMF කලින් දාලා තිබ්බ කොන්දේසි යටතේම වැඩ කරන්න. ඉති ඒවට අනුව වැඩ කරද්දී තෙල් මිල අඩු කරන්නත් බෑ.. විදුලි බිල අඩුකරන්නත් බෑ..
මේ විදිහට ගියොත් දීපු පොරොන්න්දු ඉටු කරන්න බැරි වෙනවා එහෙම වුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයි ද මේ ආණ්ඩුවට?
ජනතාව විශාල අපේක්ෂාවන් ඇතුවනේ ඡන්දය දුන්නේ.. එතකොට පොරොන්න්දු ඉටු කරන්න බැරි වුණාම ජනතාව කලකිරෙනවා. මම ඇත්තටම පුදුම වෙනවා මේ ආණ්ඩුවට දීපු පොරොන්දු ඉටු කරන්න බැරි වෙලා තියෙනවා.. මේ විදිහට ගියොත් අවුරුද්දක් විතර යද්දී ආණ්ඩුව විශාල වශයෙන් පිරිහෙන්න පුලුවන්.. මෙයාලාගේ කියපු බොහෝ කතා අද බොරු වෙලා තියෙනවා.
කථානායක තුමාගේ උපාධි ගැටලුව මහත් ආන්දෝලනයක් වෙලා තියෙනවා. මේකේ ඇත්ත නැත්ත ගැන ඔබට මොකද්ද කියන්න තියෙන්නේ?
ලෝකයේ ඕනෑම රටක විශ්වවිද්‍යාලයක ආචාර්ය මහාචාර්ය උපාධිය ගත්තොත් ඒක ඉන්ටනෙට් එකෙන් චෙක් කරලා බලන්න පුලුවන්.. අපේ රටේ අය ආචාර් ය මහාචාර්ය වෙනසවත් දන්නේ නෑ.. මහාචාර්ය කියන්නේ තවත් ලොකු උපාධියක් කියලා හිතන්නේ.. කෙනෙක් ඩොක්ටර් රේට් එකක් ගත්තාම විශ්ව විද්‍යාලයට ගිහින් ඉගැන්නුවාම වසර 10ක් විතර ගියාම එයාට ගෞරව නාමයක් දෙනවා මහාචාර්ය කියලා එච්චරයි. ඒක ලොකු උපාධියක් නෙමේ.. ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා බොරු ආචාර්ය මහාචාර්‍යවරු.. පහුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුන කිව්වා උගතුන්ගෙන් පාර්ලිමේන්ත්ව පුරවමු කියලා.. ඉතිං චන්ද ව්‍යාපාරෙයේදී ආචාර්ය මහාචාර්‍යව පදවි දාගෙන තමා එයාලගේ කැම්පේන් එක කළේ. එයාලගේ ලීව්‍රට්වල තිබ්බේ එහෙම ඒ අයගෙන් විශාල පිරිසක් පාර්ලිමේන්තු ඇවිත් ඉන්නවා. එයාලා ඒ වගේ බොරු කියපු ගොඩක් අය ඇවිත් තියනවා.. කථානායක තමා මුලින්ම අහු වුණේ.. බැලූ බැල්මට බොරුවක් කරනවා කියලා පේනවා.. තාම එයා ඇත්ත ඔප්පු කරලා නෑ.. ඔය වගේ පාර්ලිමේන්තුවේ තව කී දෙනෙක් බොරු කියලද කියන්න අපි දන්නේ නෑ.. බලශක්ති අමාත්‍යවරයටත් උපාධියක් නෑ කියලා එයාගේ යාලුවෙක් කියලා තියෙනවා. බලයට ඇවිත් තියෙන්නේ බොරු කරලා..
දැන් ඔබතුමාටත් තියෙනවානේ ආචාර්ය උපාධියක් ඒකත් බොරුවක් ද?
මට තියෙනවා ඕස්ට්‍රේලියාවේ සවුත් ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක්.. ඕන කෙනෙක්ට පුලුවන් ඕස්ට්‍රේලියාවට ලියුමක් ලියලා අහන්න.මගෙන් ඇහුවොත් මට තියෙනවා උපාධි සහතිකය.. පෙන්නලා ඔප්පු කරන්න පුලුවන්.. පොඩි දෙයයිනේ කරන්නෙ තියෙන්නේ ඇයි කථානායක ඒක කරන්නේ නැත්තේ.. එයාගේ උපාධි සහතිකේ දැම්මා නම් ෆේස්බුක් හරි ලින්ක්ඉන් හරි ඉවරයිනේ.’‘
ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්නේ.. ඔබතුමා ඉදිරියේදී සක්‍රීය දේශපාලනයේ දකින්න පුලුවන්ද? සම්පූර්ණයෙන් සමු ගන්නවාද? නැත්නම් මේක තාවකාලික පසුබෑමක් ද?
මම තාවකාලික විරාමයක් අරන් තියෙනවා සමහර විට එන්නත් පුලුවන් නොයෙන්නත් පුලුවන්.. සමහර වෙලාවට වෙනස්ම විදිහකට එන්න පුලුවන්. බලමු ජනාතව මොකද්ද ඉල්ලන්නේ කියලා. මාස තුනයි ගිහින් තියෙන්නේ සර්ලා එන්න කියලා අපිට කියනවා.. ඉස්සරහට විශාල ඉල්ලීමක් ආවොත් අපිට ඒක සලකා බලන්න පුලුවන්. මට පුද්ගලිකව විශාල ආශාවක් නැහැ මේක කරන්න නමුත් අපි බලමු යම් අවස්ථාවක් ආවොත් අපි ඒ වෙලාවේ ඉදිරිපත් වෙනවා..
source :- https://tinyurl.com/vudt8ebn