විදේශ ගමන් බලපත්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 6,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තැපැල් අංශයේ ලිපිකරුවෙකු ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

විදේශ ගමන් බලපත්‍රයක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 6,000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගැනීමේ දී අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

අල්ලස් කොමිසව මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් එහි නිලධාරීන් සඳහන් කළේ මෙම සැකකරුට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින බවයි.

ඒ අනුව අදාළ සැකකරු ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

source :- https://tinyurl.com/bdeutr7t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here