පාර්ලිමේන්තුව මීළගට රැස්වන පළමු දිනයේදීම කථානායකවරයා තෝරා පත් කරගත යුතු බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන 17 වැනිදා නව කාථානායවරයා තෝරාපත් කරගත යුතුවනවා.

අලුතින් පත් කෙරෙන මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් බෙදීමක් පවතින්නේ නම් එදින අනිවාර්යයෙන්ම ජන්ද විමසීමක් පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තු ලබන 17 සහ 18 යන දෙදින තුළ රැස්වීමට නියමිතයි.

සිය අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ කතා බහක් මතුව ඇති පසුබිමක කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අශෝක සපුමල් රන්වල ඊයේ තීරණය කළා.

මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ තමාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සමාජය තුළ ගැටලු‍වක් මතුව තිබුණත් තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කිසිඳු සාවද්‍ය ප්‍රකාශයක් කථානායකවරයා ලෙස තමා ප්‍රකාශ කර නොමැති බවයි.

මෙරට 10 වැනි පාර්ලිමේන්තුවේ 12 වැනි කථානායකවරයා ලෙස අසෝක රන්වල පසුගිය නොවැම්බර් 21 වැනිදා තෝරා පත්කරගනු ලැබුවා.

කෙසේ වෙතත්, කථානායක අසෝක රන්වල එම ධුරයට පත්වීම මාසයක් ඉක්මයාමටත් පෙර ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් ප්‍රශ්න කිරීමත් සමග සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වුණා.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පාර්ශව කිහිපයක් කථානායක අසෝක රන්වලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කළේ එවැනි පසුබිමකයි.

මෙවැනි පසුබිමක ඊයේ පස්වරුවේ කථානායක අසෝක රන්වල මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 64/2 වගන්තිය අනුව කථානායකවරයෙකු සිය අත්සනින් ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් සිය ඉල්ලා අස්වීම දැනුම් දිය යුතු වන අතර ජනාධිපතිවරයා එය පිලිගැනීමෙන් පසු අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු වෙබ් අඩිවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදී ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුවේ ප්‍රධානින් අදාළ නිලධාරීන්ට නියෝග කර ඇති බවද වාර්තාවනවා.

මේ අනුව ඔවුන් ඒ සම්බන්ධයෙන් ලබන සදුදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කළ යුතුවනවා.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සමහර මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියේ වැරදි ආකාරයට සඳහන් කෙරුණු ආචාර්ය උපාධි පසුගියදා ඉවත් කෙරුණා.

මෙයට අමතරව වෙබ් අඩවියේ තිබී ඇතැයි පැවසෙන තවත් දෝෂ 30ක් පමණ නිැරදි කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුලත් කරනු ලබන්නේ සභා ලේකම් කාර්යාලය විසින්.

මේ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් ගැන සඳහන් වීම එම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් අමාත්‍යවරයාට කනගාටු පළ කර තිබෙනවා.

එමෙන්ම පාර්ලමේන්තුවේ නියෝජ්‍ය කතානායක රිස්වි සාලි තමා වෛද්‍යවරයෙකු මිස විශේෂඥ වෛද්‍යවරයෙකු නොවන බව සඳහන් කර තිබෙනවා.

මුහුණු පොතේ සටහනක් තබමින් ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කර තිබුණා.

source :- https://tinyurl.com/mr26u8fb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here