එළඹෙන සතියේ රැස්වන පාර්ලිමේන්තු සභා වාරයේදී නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ නීතීඥ ෆයිසර් මුස්තාපා සහ සමගි ජන බලවේගය නියෝජනය කරම්න් ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වූ සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, මොහොමඩ් ඉස්මයිල් මුත්තු මොහොමඩ් සහ නිසාම් කාරියප්පර් යන පිරිසයි.

පසුගිය නොවැම්බරයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 05ක් හිමිවූ අතර, එක් මන්ත්‍රී ධුරයක් සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර, ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මින් පෙර දිවුරුම් දෙනු ලැබුවා.

source :- https://tinyurl.com/5nf6shnt

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here