
වර්ෂ 2019 සිට 2024 සැප්තැම්බර් මස දක්වා වසර පහයි මාස 09ක කාලය තුළදී මෙරටට රුපියල් කෝටි 17,441.3ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කර තිබෙනවා.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2024 ඔක්තෝබර් මාසයට අදාල අපනයන හා ආනයන වාර්තාවට අනුව එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 370,185.9ක්.
2024 ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස නවයක කාලය තුළදී පමණක් මෙරටට රුපියල් මිලියන 26,479ක මාළු හා මාළු ආශ්‍රිත නිෂ්පාදන ආනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 42,019ක්.

එම කාලසීමාව තුළදී මෙරටින් රුපියල් මිලියන 66,031ක වටිනාකමකින් යුත් මාළු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර ඇති අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 16,945ක් බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
ඉහත සඳහන් කාලසීමාව තුළ වැඩියෙන්ම ආනයනය කර ඇත්තේ වියලි හාල්මැස්සන් වන අතර, එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,320ක් වන අතර, කරවල මෙට්‍රික් ටොන් 5,673.3 ක් ද උම්බලකඩ මෙට්‍රික් ටොන් 1,269.7 ක් ද, ටින් මාළු මෙට්‍රික් ටොන් 4,273 ක් ද, මාළු මෙට්‍රික් ටොන් 8,696.2ක් ද ආනයනය කර තිබෙනවා.
එමෙන්ම, 2019 – 2023 අතර කාල වකවානුවේ මෙරට මත්ස්‍ය නිෂ්පාදනයද මෙට්‍රික් ටොන් 121,545කින් පහත වැටී ඇති බවයි එම දත්ත වාර්තාවේ සඳහන්.
source :- https://tinyurl.com/3tfhd4c2










