සියලු පාසල් හෙට වැසෙයි
නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට (20) නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මතයි මෙම තීරණය ගෙන ඇත්තේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අදාල පාසල් වසා තැබෙන බවයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්‍ය් ජයන්ත ලාල් රත්නසේකර පවසන්නේ.
source :- https://tinyurl.com/38a4en5s
මැද ක්‍රිෂ් චතුරස්‍රය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
කොළඹ කොටුව ක්‍රීෂ් ව්‍යාපෘතියට ආයෝජනය කළ මුදල් අයථා ලෙස ඉපැයූ මුදල් බවට ඉන්දීය මූල්‍ය විමර්ශන අංශ අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව ක්‍රීෂ් රියල් ටෙක් සමාගම සහ එහි ප්‍රවර්ධකයා වන අමිත් කටියාල් ඇතුළු කිහිපදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි ද...
අදත් අවලංගු වූ දුම්රිය ගමන්
දුම්රිය ගමන්වාර 28ක් අවලංගු වීම හේතුවෙන් මගීන් අදත් අසීරුතාවට පත්වුණා.
දුම්රිය රියැදුරන් දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය සඳහා රියැදුරන් එක්වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර රැසක් අවලංගු කිරීමට සිදුවු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර...
කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පැවතිය හැකි බවයි එහි සඳහන් වන්නේ.
එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම...
වරාය තුළ බහාලුම් රථ හිගයක්
වරාය තුළ බහාලුම් රථ ප්‍රමාණය අවම වීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුවී ඇති බව ලංකා වාප්පු සේවා සංගමය පවසනවා.
එහි සභාපති රංජිත් ලියනාරච්චි සඳහන් කළේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවම කිරීමට නම් රේගු පරීක්ෂණ සඳහා නව අංගනයක් අවශ්‍ය බවයි.
කොළඹ වරායේ ආනයනික...
කංකානියම්මුල්ල කැළෙන් යුවළකගේ මළ සිරුරු
පන්නල, කංකානියම්මුල්ල රක්ෂිතයේ තිබී මියගිය තරුණ යුවලකගේ සිරුරු දෙකක් අද (19) පෙරවරුවේ හමුවී තිබෙනවා.
එහිදී මළ සිරුරු ආසන්නයේ තිබී ඔවුන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් හමුව තිබෙන බවයි පන්නල පොලිසිය පවසන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37ක පුරුෂයෙක් හා අවුරුදු...
මීගහකිවුල ප්‍රදේශවාසීන් භීතියට පත් කළ අත්භූත රුව
මීගහකිවුල ප්‍රදේශයේ සැරිසරන බව කියන අත්භූත කාන්තා රුවක් නිසා ප්‍රදේශවාසීන් භීතියට පත්ව ඇති පුවතක් වාර්තා වනවා.
සවස් යාමයේ හා රාත්‍රී කාලයේදී අතුරු මාර්ගවල යන එන මිනිසුන් හා ත්‍රිරෝද රථ පසුපස මේ කාන්තා රුව හඹා යන බවයි පැවසෙන්නේ.
මේ හේතුවෙන් මීගහකිවුල, පහළගෙදර...
පළාත් කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ
දිවයිනේ පළාත් කිහිපයකටම බලපා ඇති වර්ෂාපතනය හමුවේ ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර තිබෙනවා.
ඒ අනුව රාජාංගන ජලාශයේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු 10 ක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 12,063ක ජල ධාරිතාවක් කලාඔයට...
බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ
ගන්දර, තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය - මාතර ධාවනය වන බස් රථයක් සහ තංගල්ල - මාතර අතර ධාවනය වන බස් රථයක්
එම අනතුරෙන් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 58 දෙනෙකු...
ශ්‍රී ලංකාව සන්චාරක කර්මාන්තයෙන් 9 වන තැනට
මෙම වසරේ ලොව ඉහළම සංචාරක ස්ථාන ශ්‍රේණිගත කරමින් ලෝක ප්‍රකට බීබීසී පුවත් සේවය මගින් දක්වා ඇති ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටිනවා.
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය, තිරසාර සංචාරක ජාත්‍යන්තරය සහ තවත් සංචාරක බලධාරීන්...














