Tuesday, April 21, 2026

දේශපාලන පුවත්

සුදත් මහදිවුල්වැව චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ධුරයට පත්කරයි

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහදිවුල්වැව පත්කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම පත්වීම සිදුකර ඇත්තේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. source :- https://tinyurl.com/nhdpmbpd

වාසුදේව නානායක්කාර චෝදනා ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම හරහා මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනාව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රතික්ෂේප කරනවා. එම මුදල් හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තකට භාවිතා කළ බවයි ඔහු පවසන්නේ. ඒ අනූව හෘදයාබාධයකින් පසුව ස්ටෙන්ට් සැත්කමක් සඳහා 2014 දී ජනාධිපති...

එස්.එම්. චන්ද්‍රසේන පිල් මාරු කරයි

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බල පක්ෂය සමග එක්ව තිබෙනවා. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින්. එමෙන්ම ඔහුව සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කර තිබෙනවා. හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය...

වෙළද ඇමතිට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ලිපියක්

2025 අයවැය මගින් මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් දස දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහට ලිපියක් භාර දුන්නා. ඔවුන් අදාළ ලිපිය මගින් සදහන් කර ඇත්තේ, මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වසර 10 කින්...

දයාසිරිගෙන් චෝදනාවට පිළිතුරු

පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ සැසිවාරයක් අතරතුර සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කළ ජනාධිපති අරමුදල මගින් මුදල් ලබා ගත් පිරිස සම්බන්ධ පුවතට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. ඒ ඊයේ (22) රාත්‍රියේ දී හෙට්ටිපොල දී සජබ ක්‍රියාකාරීන්ගේ...

සංචාරකයින් රැගෙන ඒම සඳහා උදයංගට අවසර

තමන් සිදු කළ ඉල්ලීමක් අනුව මත්තල ගුවන් තොටුපොළට සංචාරකයින් රැගෙන ඒම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට අවසර ලබාදුන් බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර 2024 වසරේ...

ඇත්තක් බොරුවක් කරන්ඩ ඔබට අයිතිය තියෙනවා

සත්‍ය දෙයක් අසත්‍ය හෝ අසත්‍ය දෙයක් සත්‍ය බවට ඒත්තු ගැන්වීමේ පූර්ණ අයිතිය ජනතාවට ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා. මන්ත්‍රීවරිය මේ පිළිබඳව සඳහන්කර සිටියේ කළුතර ප්‍රදේශයේ ඵැවති රැස්වීමක් අමතමින්. එහිදී ඇය සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්. ''ඔබට පූර්ණ අයිතිය...

පුංචි ඡන්ද දෙකම ලබන වසරේ

පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ සිංහල - දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මේ අතර පළාත් සභා මැතිවරණයත් ලබන වසර තුලදී පවත්වන බවද ජනාධිපතිවරයා පවසා සිටියා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (20) මහනුවරට...

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

අමු අයඨිකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අමු අයඨිකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර...

ජනපති චීන රජයට ස්තූති කරයි

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව ප්‍රකාශ කළේ, චීන මහජන...
statistics