
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (23) සර්වජන බල පක්ෂය සමග එක්ව තිබෙනවා.
ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත්තේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අතින්.
එමෙන්ම ඔහුව සර්වජන බලයේ නායකත්ව මණ්ඩලයට ද පත්කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරු කිහිපයක් දැරූ අතර, පසුගිය මහ මැතිවරණයේදී ඔහු නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වී තරග කළා.
source :- https://tinyurl.com/4ycu766f








