
වෙඩි තබා පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු ඊයේ (22) කිරිමැටියාවේදි අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය පවසනවා.
මෙසේ තුවාල සිදුකර තිබෙන්නේ 28 හැවිරිදි අයෙකුට බවත් ඔහුට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු කිරිමැටියාව,සීප්පුකුලම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

ඉඩම් ආරවුලක් හේතුවෙන් සැකකරු සිය අසල්වැසියාට වෙඩි තබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා තම්මැන්නාව මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.
සැකකරු අද (23) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
source :- https://tinyurl.com/2szttxas







