2025 අයවැය මගින් මහපොළ ශිෂ්‍යාධාර වාරිකය රුපියල් දස දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහට ලිපියක් භාර දුන්නා.

ඔවුන් අදාළ ලිපිය මගින් සදහන් කර ඇත්තේ, මහපොළ ශිෂ්‍යාධාර වාරිකය වසර 10 කින් වැඩි වී නොමැති බවයි.

මේ අනුව, 2015 සිට මහපොළ වාරිකය රුපියල් 5,000ක් ලෙසත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 4,000ක් ලෙස පවතින බවද අදාළ ලිපියේ සදහන්.

පවතින ආර්ථික තත්ත්වයත් සමග එක් ශිෂ්‍යයෙකුගේ මාසික වියදම රුපියල් 25,000ක් පමණ අගයක් දක්වා වැඩි වී ඇති බැවින් ඇතැම් සිසුන් වියදම් දරා ගත නොහැකිව පාඨමාලා හැදෑරීම අතහැර දමන තත්ත්වයක් ද උද්ගතව තිබෙනවා. එමෙන්ම

ඇතැම් සිසුන් සිය අධ්‍යාපන කටයුතුවලට මුදල් සපයා ගැනීම සදහා පූර්ණ කාලීනව රැකියා සදහා යොමුව ඇති බවද අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන්.

source :- https://tinyurl.com/2jahbfjm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here