
මේ වසරේ ගතවූ කාලය තුළ අනවසර විදුලි රැහැන් මගින් වන අලි පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව ලංකා විදුුලි බල මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සදහන් කළේ, මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට සුදුසු ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.
ඒ අනුව, අනවසර විදුලි සැපයුම් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කර ඇත්නම් 0112 – 118767 යන අංකයට හෝ 1987 හදිසි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

source :- https://tinyurl.com/mr2tn58x







