
තමන් සිදු කළ ඉල්ලීමක් අනුව මත්තල ගුවන් තොටුපොළට සංචාරකයින් රැගෙන ඒම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක තමාට අවසර ලබාදුන් බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
මේ අතර 2024 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා තිබෙනවා.

ඉන් වැඩිම විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වුණේ 383,257ක් ලෙසයි.
දෙවැනියට වැඩිම සංචාරකයින් පිරිස වන එක් ලක්ෂ 80,414 දෙනෙකු රුසියාවෙනුත් තෙවැනියට එක්සත් රාජධානියෙන් ද166,999 දෙනෙකුත් දිවයිනට පැමිණ තිබෙනවා.
එමෙන්ම එස්තෝනියාවේ සිට මගීන් 176 දෙනෙකු රැගත් ස්කයිඅප් ගුවන් සේවයට අයත් ගුවන්යානයක් මත්තල ගුවන් තොටුපොළ පැමිණ තිබෙනවා.
ඒ අනුව පෝලන්තය, එස්තොනියාව, ලිතුවේනියාව, ලැට්වියාව සහ මෝල්ඩෝවා සිට මත්තල ගුවන් තොටුපොළ දක්වා සතියකට ගුවන් ගමන් වාර 5ක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
source :- https://tinyurl.com/4rf3nk4b







