Saturday, April 18, 2026

දේශපාලන පුවත්

අර්ච්චුනාට චෝදනා ගොනු කරන්නැයි දැනුම්දීමක්

රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, පොලිසියට නියෝග කළා. මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්...

රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට සූදානම්

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු‍ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ...

ආනන්ද විජයපාලගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පෙත්සමක්

මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා. එහි වග උත්තර කරු ලෙස අමාත්‍ය...

ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය

මෙරට ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ, පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ...

කථානායකවරයා සහ ආබාධිත පුද්ගල සංවිධාන අතර හමුවක්

ආබාධිත පුද්ගලයින්ගේ පවතින ගැටලු‍ සඳහා අවශ්‍ය විසදුම් ලබාගැනීමට ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා. ඒ, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් සහ කථානායකවරයා අතර, පසුගියදා පාර්ලිමේන්තුවේ...

ලංකාවට වැඩි ඉඩක් වෙන්වූ ඉන්දියාවේ අයවැය

ඊයේ ඉදිරිපත් කළ ඉන්දියානු අයවැය මගින් ශ්‍රී ලංකාව සදහා වන ප්‍රතිලාභ ඉහළ නංවා තිබෙනවා. ඉන්දීය මධ්‍යම රජයේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් ඊයේ ඉදිරිපත් අයවැය කතාවේදී ඉදිරිපත් කරමිනුයි මේ බව නිවේදනය කළේ. මෙවර ඉන්දියාවේ අයවැයෙන් විදේශ රටවලට ආධාර සැපයීම සඳහා වෙන්...

පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු අද සිට

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කටයුතු අද සිට ආරම්භ වනවා. ඒ අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින්. “නාමල් සමග ගමින් ගමට” යනුවෙන් එම වැඩසටහන නම් කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ. ඒ අනුව අද පස්වරුවේ නොච්චියාගම ප්‍රදේශයේ...

ගෙන්වන වාහනවලට බදු පනවපු හේතුව

වාහන ආනයනය කිරීමේදී විශේෂ අමතර බදු වර්ග 03ක් පැනවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එලෙස බදු පැනවීමට හේතුව එකවරම ගෙන්වන වාහනවලට වැඩි ඉල්ලුමක් පැමිණ තෙරපුමක් සිදුවුවහොත් නැවත අර්බුදයක් නිර්මාණය වියහැකි නිසා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එමෙන්ම, මේවනවිට ආනයනය කරන වාහනවල මිල...

ජාතිවාදය ඇති කරන්නන්ට දැඩි නීති

ජාතිවාදය පතුරන්නන්ට ඉදිරියේදි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. යාපනය වැල්වැටිතුරෛයි ප්‍රදේශයේ ඊයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මෙරට සියලුම ජන වර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ වටිනාකම් සැමරීම සදහා ඔක්තෝම්බර් මාසයේ දී විශේෂ දිනයක්...

ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වෙයි

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් තලාව - ඒ 28 මාර්ගයේ, 70 කිලෝමීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා. තලාව පොලිසිය සදහන් කළේ, අද අලුයම අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව...
statistics