රථ වාහන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය, පොලිසියට නියෝග කළා.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ සිද්ධියට අදාළ නඩුව අද යලි කැඳවූ අවස්ථාවේදීයි.

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පා පරුෂ වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

source :- https://tinyurl.com/bddtbnhm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here