කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී හෙට (04) පැවැත්වීමට නියමිත මෙරට් 77 වැනි ජාතික නිදහස් දින සැමරුම හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, නිදහස් දින සැමරුම් පැවැත්වෙන හෙට දිනයේ කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය විසින් සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව, බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම,

ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම,

විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම,

ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම,

නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම,

ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම,

නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම,

පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම),

නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

එහිදී ඉහත වසා ඇති මාර්ගයන් වෙනුවට පහත සඳහන් විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.

නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතටත්,

බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසටත්,

විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසටත් ගමන් කල හැකි‍යි.

එමෙන්ම රථගාල් 09ක්ද පොලිසිය විසින් නම් කර තිබෙනවා.

ඒ අනුව, රූපවාහිනී සංස්ථාව අසල රථගාල (සැහැල්ලු වාහන 250)

BMICH අංක 02 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 350) › CR & FC රථගාල (සැහැල්ලු වාහන 250)

BMICH අංක 04 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 550)

BMICH අංක 03 දොරටුව ඇතුලත රථ ගාල (සැහැල්ලු වාහන 150)

නිදහස් මාවත ආකේඩ් රථ ගාල (සැහැල්ලු වාහන 30)

ප්‍රේමකීර්ති ද අල්විස් මාවත රථගාල (සැහැල්ලු වාහන 30)

ITI රථගාල (සැහැල්ලු වාහන 75)

නෙළුම් පොකුණ රඟහල රථගාල (බස් රථ 75)

සරණ පාර BMICH භූමිය අවට මාර්ගය (සැහැල්ලු වාහන 230 / බස් රථ 75)

ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන්වලදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවශ්‍ය තහවුරු කිරීම්වලින් අනතුරුව රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

source :- https://tinyurl.com/4rbbn3md

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here