ජාතිවාදය පතුරන්නන්ට ඉදිරියේදි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

යාපනය වැල්වැටිතුරෛයි ප්‍රදේශයේ ඊයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මෙරට සියලුම ජන වර්ගවල සංස්කෘතීන්, සම්ප්‍රදායන් සහ වටිනාකම් සැමරීම සදහා ඔක්තෝම්බර් මාසයේ දී විශේෂ දිනයක් නම් කරන බවයි.

මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිලිවෙල සහ ඉදිරි සැලසුම් පිලිබද සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමද ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එම රැස්වීමක් පැවැත්වෙන අවස්ථාවේදී යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උතුරු පළාතේ රැකියා විරහිත උපාධිදාරීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

ඒ සිය රැකියා ගැටලුවට විසදුමක් ලබාදෙන ලෙස රජයට බලකරමින්.

උතුරේ ඉඩම් ගැටලුව සමාලෝචනය කර, නැවත එම ඉඩම් ජනතාව වෙතම ලබාදීම කඩිනම් කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් කියා සිටියේ.

source :- https://tinyurl.com/23bthdmm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here