ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ප්‍රභූ ආරක්ෂක ඩිෆෙන්ඩර් රථයක් තලාව – ඒ 28 මාර්ගයේ, 70 කිලෝමීටර් කණුව ආසන්නයේදී අනතුරට ලක්ව තිබෙනවා.

තලාව පොලිසිය සදහන් කළේ, අද අලුයම අදාළ රථය මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.

එම අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයේ ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනකු ගමන් කර තිබෙනවා.

ඔවුන් 4 දෙනාම එහිදී තුවාල ලබා තිබූ අතර ඔවුන් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකා සඳහා අනුරාධපුර ශික්‍ෂණ රෝහල වෙත මරුකර යැවුණා.

source :- https://tinyurl.com/472my2nb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here