
වාහන ආනයනය කිරීමේදී විශේෂ අමතර බදු වර්ග 03ක් පැනවූ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
එලෙස බදු පැනවීමට හේතුව එකවරම ගෙන්වන වාහනවලට වැඩි ඉල්ලුමක් පැමිණ තෙරපුමක් සිදුවුවහොත් නැවත අර්බුදයක් නිර්මාණය වියහැකි නිසා බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම, මේවනවිට ආනයනය කරන වාහනවල මිල ඉහළ මට්ටමක පවතින්නේ ඩොලරයේ අගය ඉහළ මට්ටමක පැවතීම නිසා බවද ඔහු පවසා සිටියා.

මේ අතර, ආරම්භයේදී වාහන මිල ඉහළ ගියද කාලයක් යනවිට වාහන මිල අඩු කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනතා හමුවකට එක්වෙමින්.
source :- https://tinyurl.com/4644b35x








