ආබාධිත පුද්ගලයින්ගේ පවතින ගැටලු‍ සඳහා අවශ්‍ය විසදුම් ලබාගැනීමට ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.

ඒ, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් සහ කථානායකවරයා අතර, පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවති සාකච්ඡාවකදීයි.

මෙහිදී එම ආබාධ සහිත පුද්ගලයින්ට දිගු කාලයක් පුරා පවතින ගැටලු‍ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, අබාධිත ප්‍රජාවගේ ගැටලු‍ සඳහා විසදුම් සෙවීමේදී ඒ සඳහා ස්වාධින කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් පෙන්වා දී තිබුණා.

එමෙන්ම සංඥා භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කරගැනීමේ අවශ්‍යතාවය ද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයින් විසින් කථානායවරයාගේ අවධානයට යොමු කිරීමටයි කටයුතු කර තිබුණේ.

source :- https://tinyurl.com/n8nc4m5a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here