Tuesday, May 5, 2026

දේශීය පුවත්

විශ්ව විද්‍යාල සිසුවෙකු යතුරුපැදි අනතුරකින් මරුට

යතුරුපැදි අනතුරකට ගොදුරු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (01) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා. වවුනියාවේ වයිරවපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චන්ද්‍රබොස් සජීකන් නැමති සිසුවායි මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ. මෙම විශ්ව විද්‍යාල සිසුවා ඔහුගේ නිවසට පැමිණ සිටියදී මිතුරෙකු සමග යතුරු පැදියෙන්...

පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) ආරම්භ කෙරෙනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද සිට ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම, 2025 වසරේ පළමු පාසල් වාරය...

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු ජීවිතක්ෂයට

මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් මතට ඊයේ (01) රාත්‍රියේ බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. එම අනතුරෙන් 34 හැවිරිදි එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ. එමෙන්ම, එම අනතුරෙන් 11 දෙනෙකුට තුවාල සිදුව ඇති අතර, ඔවුන් මාතර...

රට ක්ලීන් කරන්න සංගයි මහේලයි ගේමට බහියි

නව රජයේ ''ක්ලීන් ශ්‍රී ලංකා'' වැඩසටහන අද උදෑසන 8.30 ට, ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරුණා. එයට සහාය දැක්වීම සඳහා ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් තිදෙනෙක් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි යන අය සහභාගී වී තිබෙනවා. එහිදී අදහස් දක්වමින්...

අහිංසක සැමියෙක් අනියම් සැමියාගේ පහරින් මරුට

අනියම් සබඳතාවක් හේතුවෙන් අතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති වු ගැටුමකදී අද (01) පුද්ගලයෙකු මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ බලන්ගොඩ, මස්සැන්න, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයෙක්. මරණකරුගේ බිරිය සමග අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැමියා නොමැති අවස්ථාවලදී...

මතභේදාත්මක ප්‍රශ්න තුනට නිදහස් ලකුණු

මතභේදයට තුඩු දුන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයින් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ බව මාධ්‍යවෙත නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර...

වෛද්‍ය පීඨයේ සිසුන් උද්ඝෝෂණයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් ඇතුළු මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් මේ මොහොතේ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිට ගලහා මංසන්ධියේ දැවැන්ත උද්ඝෝෂණයක යෙදී සිටිනවා. මේ සමග පේරාදෙණිය පොලිසිය විසින් එක මං තීරුවක් වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ හේතුවෙන දැඩි...

ළඟදීම වී සඳහා යළි සහතික මිලක්

වී සදහා ඉදිරි දින කිහිපයේදී නව සහතික මිලක් ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේදී නව වසරේ රාජකාරී අරඹමින් ඔහු කියා සිටියේ පොහොර සහනාධාර නොලැබුණු ගොවීන්ටද ඉදිරි සතිය තුළ එම මුදල් ලැබෙනු...

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 08ක්

නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 08ක් සමග පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පොලිවිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශාල වශයෙන් රජයට අයවිය යුතු බදු මුදල් වංචා කරමින් කූට ලෙස ලේඛන සකස් කර වාහන එකලස් කිරිමේ මහාපරිමාණ ජාවාරමක් සිදු කරමින් පවතින බවටත්,...

දැරියට ගිනි තැබූ මවක්

මවක විසින් සිය කුඩා දැරියට පෙට්‍රල් වත්කර ගිනි තබා ඝාතනය කොට ඇතැයි තලාව පොලිසිය පවසනවා. පසුව එම කාන්තාවද පෙට්‍රල් වත්කරගෙන ගිනි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මියගිය දැරිය වයස අවුරුදු 02 මාස 09ක් සහ මරණකාරියට වයස අවුරුදු...
statistics