නීති විරෝධී ලෙස එකලස් කරන ලද වාහන 08ක් සමග පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී පොලිවිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශාල වශයෙන් රජයට අයවිය යුතු බදු මුදල් වංචා කරමින් කූට ලෙස ලේඛන සකස් කර වාහන එකලස් කිරිමේ මහාපරිමාණ ජාවාරමක් සිදු කරමින් පවතින බවටත්, මෙකී ජාවාරමේදී රථයන්හි චැසි කොටස් කපා ඉවත් කර වෙනත් චැසි බද්ධ කරමින් හා එකී රථයන්හි විවිධ වෙනස්කම් සිදු කරමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ධාවනයෙන් ඉවත් කරන ලද ගර්හිත වාහන එකලස් කරමින් මෙම රථ නිපදවා ඇති බවටයි කරුණු අනාවරණය වී ඇත්තේ.

එම නිසා එකී වාහන භාරයට ගන්නා ලද අතර, එම වාහනවල හිමිකරු අත්අඩංගුවට ගෙන ඊයේ (31) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තවද මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කිරිමේදී ඔහු විසින් තවත් රථයක් පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බවත්, එහි චැසි කොටස් හා එන්ජින් අංකය වෙනස් කර ලබා දී ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

ඒ අනුව, පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් එකී රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/57355u6b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here