
යතුරුපැදි අනතුරකට ගොදුරු වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ඊයේ (01) යාපනය ශීක්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා.
වවුනියාවේ වයිරවපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චන්ද්‍රබොස් සජීකන් නැමති සිසුවායි මෙසේ අනතුරින් මියගොස් ඇත්තේ.
මෙම විශ්ව විද්‍යාල සිසුවා ඔහුගේ නිවසට පැමිණ සිටියදී මිතුරෙකු සමග යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී වවුනියාවේ කුරුමන්කාඩු ප්‍රදේශයේදී එම යතුරු පැදිය මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක ගැටීමෙන් යතුරු පැදිකරු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යැවූ අතර, ඔහු එහිදීයි මියගොස් තිබෙන්නේ.
මෙම අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
source :- https://tinyurl.com/bdzzu6ht







