මවක විසින් සිය කුඩා දැරියට පෙට්‍රල් වත්කර ගිනි තබා ඝාතනය කොට ඇතැයි තලාව පොලිසිය පවසනවා.

පසුව එම කාන්තාවද පෙට්‍රල් වත්කරගෙන ගිනි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගිය දැරිය වයස අවුරුදු 02 මාස 09ක් සහ මරණකාරියට වයස අවුරුදු 39ක් වන බව බවයි වාර්තා වන්නේ.

පසුගිය (30) වැනිදා සවස් කාලයේ තලාව, බිදුන්කඩ ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පැවසෙන්නේ.

මරණකාරිය සිය ගම් ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී වූ මුදල් ගැටළුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය සිය දිවි නසා ගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඇගේ ස්වාමි පුරුෂයා පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනූවයි කරුණු අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

source :- https://tinyurl.com/37d8y5yr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here