මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්ම, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි...
රියැදුරන් හඳුනා ගැනීම සඳහා පොලිසියට වේග මාපක
අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබාදීමේ සංකේතාත්මක වැඩසටහනක් අද (11) උදෑසන පොලිස් මූලස්ථානයේදී...
විදෙස් සංචාරකයින් 70,944ක් දිවයිනට
මෙම වසරේ මුල් දින 9 යේදී පමණක් විදෙස් සංචාරයකින් 70,944 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ.
එම සංඛ්‍යාව 11,789 ක්.
මීට අමතරව රුසියාව, එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව සහ චීනය ඇතුලු රටවල්...
විශේෂ දුම්රිය වාර 04ක්
ලබන 14 වනදා පැවැත්වෙන තෛයිපොංගල් උත්සවය සහ සති අන්ත නිවාඩුව හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය 04ක් ධාවනයට එක්කර තිබෙනවා.
ඒ අනුව, පසුගිය 10 වනදා සිට මෙම දුම්රිය ධාවනයට එක්කළ බවයි දුමිරිය සාමාන්‍යාධිකාරී ඒ.ඩී. ජයසුන්දර පැවසුවේ.
එක් දුම්රියක් රාත්‍රී 07: 30ට කොළඹ...
සහල් මෙට්‍රික් ටොන් 167,000ක් නිෂ්කාශනය කෙරේ
සහල් ආනයනයට ලබා දුන් කාලය තුළ මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 67,000ක් නිෂ්කාශනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ, කැකුලු සහල් මෙට්‍රික් ටොන් 66,000ක් සහ තැම්බූ සහල් මෙට්‍රික් ටොන්...
මුල් ගල තැබූ පෝට් සිටි ව්‍යාපෘතිය
කොළඹ වරාය නගරයේ මරීනා සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් තැබීම අමාත්‍ය විජිත හේරත් සහ මෙරට චීන තානාපති චී සෙන්හොංග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.
වරාය නගරයේ හෙක්ටයාර 3.1ක භූමි ප්‍රමාණයක් යටතේ විහිදෙන මරීනා සංවර්ධන ව්‍යපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඩොලර්...
බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළට
මත්පැන් සඳහා සුරාබදු ඉහළ දැමීමෙන් පසු බියර් මිල ද රුපියල් 20ත් 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අලෙවිකරුවන් සඳහන් කරනවා.
මේ අතර, සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඊයේ (10) ඉහළ නැංවීමට කටයුතු කළා.
ඒ අනුව, සුරා බදු 6%කිනුයි මෙලෙස ඉහළ...
ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කරයි
පැවති වර්ෂාපතනය හමුවේ රාජාංගනය සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබෙනවා.
ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි...
බොරැල්ලේ මහල් නිවාස දැරියට වුන දේ
බොරැල්ලේ පිහිටි මහල් 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක 12වන මහලෙන් වැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.
ඇය බොරැල්ල - සර්පන්ටයින් පාර, ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
මියගිය...
බදුල්ල – පස්සර බස් රථ අනතුරක්
බදුල්ල - පස්සර 10 කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අද උදෑසන මාර්ගයෙන් ඉවතට පැන බෑවුම් සහිත ප්‍රදේශයකට ගමන් කිරීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පස්සර පොලිසිය සදහන් කළේ කොළඹ සිට පස්සර දක්වා ධාවනය වූ බස් රථයක්...














