Wednesday, April 29, 2026

දේශීය පුවත්

හෙට මිලිමීටර 75ට වැඩි වැසි

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලට මෙන්ම, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට හෙට (14) දිනයේ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා. උතුර, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලට මෙන්ම මාතර සහ හම්බන්තොට...

පොලිසියේ 4ක් වැවට වැටිලා

නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ඔරුවකින් යමින් සිටි අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිව්දෙනෙකු රැගත් ඔරුව පෙරළී තිබෙනවා. අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් මෙසේ (10) වැනිදා අනතුරට ලක්ව තිබෙන බවයි හිරු නිවුස් වෙත අම්පාර පොලිසිය පැවසුවේ. ඔරුව...

7,144ක් ඇස් දන් දෙයි

පසුගිය වසරේදි මෙරට පුද්ගලයන් 7,144 දෙනෙකු ඇස් දන් දී ඇතැයි ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සම්පත් ද සිල්වා සදහන් කළේ එමගින් අක්ෂි ආබාධිත විදේශිකයින් 3,163 දෙනෙකුට හා දේශීය 1475 දෙනෙකුටද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කිරීමට හැකියාව ලැබුණු...

වාර්ෂික අලුත් සහල් මංගල්‍යය අදයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මෙවරද පැවැත්වුණා. ශ්‍රී දළදා මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු කොටස දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුකරනවා. ඒ අනුව අද (13) ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේවාව...

ජලාශ 27ක් වාන් මට්ටමට

ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මෙසේ ජලාශ වාන් මට්ටමට පැමිණ තිබෙනවා. එමෙන්ම, කලාවැවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් එහි...

පැහැරගත් සිසුවිය හමුවෙයි

ගම්පොල, ගෙළිඔය ප්‍රදේශයේදී පෙරේදා උදෑසන වෑන් රථයකින් පැමිණ පැහැරගත් දවුලගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ 19 හැවිරිදි දියණිය සොයා ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා. ඒ අම්පාර බස් නැවතුම්පළේ බස් රථයක සිටියදී වන අතර, ඇය සමඟ සිටි සැකකරුද එම අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන්...

රැඳවියන්ට හෙට අමුත්තන් බැලීමට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා තෛයිපොංගල් උත්සවය යෙදෙන හෙට අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබෙනවා. එදිනට හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ රසකැවිලි එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත්වන පරිදි ලබාදීමට අවස්ථාව සලසා දී ඇති බවයි...

දියවැලකට හසුවූ විදේශිකයෙකු පොලිසිය බේරාගනී

මාතර - පොල්හේන වෙරළ තීරයේ දියවැලකට හසුවූ විදේශිකයෙකු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. තිස් හත් හැවිරිදි රුසියානු ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා ඊයේ දහවල් කාලයේදී එම වෙරළ තීරයේ දිය නෑමට ගිය අවස්ථාවෙදීයි මෙලෙස දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත්තේ. එහිදී එම...

රොටිවල පණුවන් : ඔබත් පරිස්සමින්

දිවුලපිටිය කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ලබා ගත් රොටි තුනක පනුවන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. රොටී මිලදී ගත් පුද්ගලයා ඊයේ(12) රාත්‍රියේ මෙම රොටී මිලදී ගෙන ඇති බව සඳහන්. කෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම රොටීවල පණුවන් සිටිනු දැක ඒ පිළිබඳව අදාළ...

බහාලුම් නිෂ්කාසනයේ ප්‍රමාදයට මූලික හේතුව

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාසනයේ ප්‍රමාදයට මූලික හේතුව වී ඇත්තේ, බහාලුම් පරික්ෂාව සඳහා ඇති ඉඩකඩ සහ පහසුකම් ප්‍රමාණවත් නොවීම බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, දැනට බහාලුම් නිෂ්කාශන...
statistics