ප්‍රධාන ජලාශ 73න් 27ක් මේ වන විට වාන් මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ මෙසේ ජලාශ වාන් මට්ටමට පැමිණ තිබෙනවා.

එමෙන්ම, කලාවැවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාම හේතුවෙන් එහි හදිසි වාන් දොරටු දෙක අඩි 03 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

දඹුලු ඔය ඔස්සේ කලා වැවට ජලය එක්වෙමින් පැවතීම හේතුවෙන් කලා වැවේ ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සදහන් කළේ.

source :- https://tinyurl.com/yfsrtucz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here