මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය මෙවරද පැවැත්වුණා.

ශ්‍රී දළදා මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු කොටස දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම සිදුකරනවා.

ඒ අනුව අද (13) ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේවාව භාර නාහිමියන් සහ ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලය එක්ව චාරිත්‍රානුකූලවම අලුත් සහල් මංගල්‍යය පවත්වනු ලැබුවා.

ශ්‍රී දළදා මාලිගාවේ වී අටුව පල්ලෙකැලේ ඉදිකර ඇති අතර එතැන සිට පෙරහැරින් අලුත් සහල් මංගල්‍යය සඳහා සහල් රැගෙන ඒම සිදුකෙරුණා.

මේ අවස්ථාවට දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.

source :- https://tinyurl.com/26eenbef

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here