ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය හරහා පැතිර යන තද සුළං ප්‍රවාහය හේතුවෙන් පවතින ලැව් ගිනි තත්ත්වය තවදුරටත් උග්‍රවීමේ අවධානමක් මතුව තිබෙනවා.

ලැව්ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා ගිනි නිවන භටයින් දැඩි වෙහෙසක් දරමින් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අඛණ්ඩව 6 වන දිනටත් ලොස් ඇන්ජලීස්හි ලැව් ගිනි පැතිරෙමින් පවතින අතර ප්‍රංශයේ පැරිස් නුවර විශාලත්වයට සමාන භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී ඇති බව සඳහන්.

එසේම ලැව්ගිනි හේතුවෙන් පැලිස්ඩේස් ප්‍රදේශයේ අක්කර 23,000 කට අධික භූමි ප්‍රමාණයක් ද, ඊටන් ප්‍රදේශයේ ගින්නෙන් අක්කර 14,000 කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

source :- https://tinyurl.com/ydyyctkm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here