කොළඹ වරාය නගරයේ මරීනා සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් තැබීම අමාත්‍ය විජිත හේරත් සහ මෙරට චීන තානාපති චී සෙන්හොංග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

වරාය නගරයේ හෙක්ටයාර 3.1ක භූමි ප්‍රමාණයක් යටතේ විහිදෙන මරීනා සංවර්ධන ව්‍යපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඩොලර් මිලියන 120ක්.

එල් ඕ එල් සී සමූහ ව්‍යාපාරයේ ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාර්බර් ඉන්ජිනියරින්ග් කම්පැනි අතර හවුල් ව්‍යාපාරයක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ.

මේ අතර, තවමත් 2 වැනි කාර්මික විප්වලවයේ රැදී සිටින ශ්‍රී ලංකාව කඩිනමින් 5 වැනි කාර්මික විප්ලවය කරා ගමන් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහ බැංකුවේ හිටපු සහකාර අධිපති මහාචාර්ය එච්.එන්.තේනුවර විසින් රචිත ග්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට කොළඹ දී ඊයේ (10) එක්වෙමින්.

source :- https://tinyurl.com/yhvetpj9

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here