අර්ථ සාධක අරමුදලට ජනාධිපති විසින් කළමනාකරණ පද්ධතියක්
නව සේවක අර්ථසාධක අරමුදල් කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ පිළිබඳව සඳහන්කර සිටියා.
ශ්‍රී ලංකාවේ විශාලතම විශ්‍රාම...
අද විදුලි කප්පාදුවක් නැහැ
නවම් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද, විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම සිකුරාදා තෙක් තවදුරටත් අක්‍රිය තත්ත්වයේ පවතින අතර හෙට සිට යළි විදුලි කප්පාදුව ක්‍රියාත්මක වීම පිළිබඳව...
නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙ
සම්බුද්ධ ශාසනයේත් සම්බුද්ධ චරිතාපදානයේත් උදාර සිද්ධීන් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් වශයෙන් නවම් පුන් පොහෝ දිනය අදට(12) යෙදී තිබෙනවා.
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සම්බුදු සසුන්හි අගසවු තනතුරු ලබන ලද්දේත් නවම් පුනු පොහෝ දිනයක වීම විශේෂත්වයක්.
සම්බුද්ධ ශාසන වංශ කථාවෙහි සඳහන් වන...
ඇතැම් ස්ථානවලට අද මද වැසි
මඩකළපුව, අම්පාර, මාතලේ, බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අද (12) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු...
මුදල් වංචා කළ නිතිඥවරයෙක් අත්අඩංගුවට ගන්න නියෝග
කැනඩාවේ රැකියා බලපත්‍රයක් ලබා දෙන බව පවසා නිතිඥවරයෙකුගෙන් රුපියල් ලක්ෂ පනස් අටක් වංචා කළ බව කියන නිතිඥවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (11) නියෝග කළා.
2017 වසරේ සිදු වූ සිද්ධයක් සම්බ්නධයෙන් නඩුව කැඳවූ...
අත්අඩංගුවට ගත් ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 දක්වා රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව.
ඩුබායි සිට මෙරටට එමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිසිය විසින් ඔහුව අද...
වාලම්පුරි විකුණන්න ගිය තිදෙනෙක් අත්අඩංගුවට
ත්‍රිකුණාමලය, කුච්චවේලි හා හොරොව්පොතාන ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී වාලම්පුරි 04ක්, රුපියල් කෝටි හතර හමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයින් තිදෙනෙකු එම වාලම්පුරි ද සමඟ ත්‍රීකුණාමලය නිලාවේලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කිසියම් පිරිසක් වාලම්පුරි 04ක් අලෙවි කිරීමට සූදානම් වන...
මත්ද්‍රව්‍ය නිසා පොලිසියේ 17ක් සේවයෙන් ඉවතට
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු පසුගිය මාස 4 තුළදී ස්ථීර වශයෙන්ම සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
පොලිසියේ රාජකාරී කරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනූව...
ලිට්රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවෙයි
මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා.
එබැවින් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙස දැනට පවතින අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස පවතිනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක...
පොලිසියට අලුත් කාර්යාංශයක්
ශ්‍රී ලංකා පොලීසිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටවීමට තීරණය කර තිබෙනවා.
රටතුළ ක්‍රියාත්මක වන සහ පසුගිය දිනවල සිදුවූ අපරාධ විසදාගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් නව කාර්යාංශය පිහිටුවන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.
නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව යටතේ එම...














