කැනඩාවේ රැකියා බලපත්‍රයක් ලබා දෙන බව පවසා නිතිඥවරයෙකුගෙන් රුපියල් ලක්ෂ පනස් අටක් වංචා කළ බව කියන නිතිඥවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අද (11) නියෝග කළා.

2017 වසරේ සිදු වූ සිද්ධයක් සම්බ්නධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කළා.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබුවේ දැනට කැනඩාවේ පදිංචි බව කියන නිතිඥ අසේල රූපසිංහ නැමැති අයෙක්.

නඩුව කැඳවූ අවස්ථාවේදී වසර 07ක් වැනි කාලයක් ඉක්ම ගොස් තිබියදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැතැයි අගතියට පත් නිතිඥ අමිල ඉන්දික මාවෙලගෙදර වෙනුවෙන් පෙනී සිටි නිතිඥ සංජිව ඇන්තනි කළ කරුණු දැක්වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු අවුරුදු 07ක් ඉක්ම යනතෙක් අත්අඩංගුවට නොගැනිම සම්බ්නධයෙන් වංචා විමර්ශන කොට්ඨාසයෙන් කරුණු විමසූ මහේස්ත්‍රාත්වරිය නඩුව කෙටි වේලාවකට කල් දමමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට දැනුම් දුන්නා.

ඒ අනුව පොලිසිය වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකාර නිතිඥවරයා 2011 වසරේ සිට කැනඩා රටේ පදිංචිව සිටින බව කී අගිතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නිතිඥවරයා කියා සිටියේ මෙවැනිම මුදල් වංචා සිද්ධි 80ක් පමණ ඇති බවත් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් සැකකරුවන් සිදු කර ඇති බවයි.

මේ මුදල් අවස්ථා දෙකකදී සැකකරුගේ ඉල්ලීම පරිදි පලිහක්කාර යන අයෙකුටත් සැකකරුගේ සහෝදරයෙකු වන ඩී එස් රූපසිංහ යන අයෙග් ගිණුම්වලටත් බැර කළ බව අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මුදල් තැන්පති කළ එක් අයෙක් පමණත් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති බවත් අගතියට පත් පාර්ශ්වය අධිකරණයට දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති උපකාරක පන්ති ගුරුවරයෙකු බව කියන එස් එම් පලිහක්කාර යන අය අධිකරණයේ පෙනී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.

source :- https://tinyurl.com/yapndack

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here