Thursday, April 23, 2026

දේශීය පුවත්

මිදිගම රුවන් ලබන 25 වෙනිදා දක්වා යළි රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවන් වන නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිදු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමට සැළසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මිදිගම රුවන් නැමැත්තා ලබන 25 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර...

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමට බාධා

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ කළුතර මධ්‍යම හන්දියේ බේරුවල දක්වා සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන්. ඒ අනුව අද අලුයම 4.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 28ක කාලයක් පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි...

නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් දැලේ

රේගුව නිෂ්කාශනය නොකළ මෝටර් රථයක් ලියාපදිංචි කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති රඹුක්කන ප්‍රදේශයේ පදිංචි මොහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට...

අධිකරණයෙන් දඩුවම් දුන් ව්‍යාජ වෛද්‍යවර‍යා

වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා. පානදුර මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා නියෝග කළේ, අදාළ වරද පිළිගත් මොහුට බරපතළ වැඩ සහිත මාස 06ක සිර දඩුවමක්...

වනඅලි මරණ සංඛ්‍යාව 3400 ඉක්මවයි

2015 වසරේ සිට 2024 දක්වා වූ වසර 09 ක කාලය තුළ මෙරටදී සිදුව ඇති වනඅලි මරණ සංඛ්‍යාව 3400 ඉක්මවා ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි අද පාර්ලමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අනුව මේ දක්වා මෙරටදී සිදුව ඇති වන අලි මරණ...

ජාත්‍යන්තර තනතුරක් ලැබූ මහාචාර්ය නීලිකා මලවිගේ

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ පත්කර තිබෙනවා. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත අතර ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ සභාපති ධුරය වසර දෙකක කාලයක් පවතිනවා. මහාචාර්ය නීලිකා මලවිගේ අදාළ...

කාන්තාවන් රවටා මුදල් ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් කාන්තාවන් රවටා මුදල් ලබාගත් පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු මහනුවර පිලිමලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙක් වන අතර පුවත්පත්වල මංගල...

ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක්

2030 වන විට මෙරටට ඩිජිටල් අපනයනවලින් පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය පවසනවා. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (05) ශ්‍රී ලංකා ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමුළුව දියත්...

දත්ත සොරා ගැනීමේ ඡාවාරමක්

රජයේ ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කළේ, පසුගිය...

ලක්ෂ 70ක් වායු දූෂණයෙන් වසරකට මිය යයි

වායු දූෂණය හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක් මියයන බව ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මේ බව කියා සිටියේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති වැඩමුලුවකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ගෘහස්ථව ද පුද්ගලයින්...
statistics