වෛද්‍යවරයෙකු බවට පවසමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයෙකු වරද පිලි ගැනීම හේතුවෙන් අත්හිටවූ සිර දඩුවම් නියම කර තිබෙනවා.

පානදුර මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා නියෝග කළේ, අදාළ වරද පිළිගත් මොහුට බරපතළ වැඩ සහිත මාස 06ක සිර දඩුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමටයි.

මෙලෙස වරද පිළිගෙන ඇත්තේ පානදුර – සරික්කමුල්ල සමඟි මාවත ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පුද්ගලයෙකුයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී කෝටි ගණනක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

source :- https://tinyurl.com/y2p8fx79

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here