
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, අමෙරිකාව තුළ සිටින සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් ‘කාන්තා ක්‍රීඩා’ සඳහා ඇතුලත් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් නිකුත් කර ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.
එම මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසුව සිදු කළ 04වැනි විධායක නියෝගය බවයි.
ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට හෝ ගැහැනු දරුවෙකුට ‘කාන්තා ක්‍රීඩා’වල නිරත වීමේ අයිතිය අහෝසි වනු ඇති.

සිය රට තුළ සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා ෆෙඩරල් රජයේ අරමුදල් කිසිසේත්ම හිමි නොවන බවයි ජනපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.
කෙසේවෙතත්, ධවල මන්දිර නිලධාරීන් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ, මෙම නියෝගයේ අරමුණ, කාන්තාවන්ට ආරක්ෂිතව සහ සාධාරණ මලල ක්‍රීඩා අවස්ථා සඳහා ප්‍රවේශ වීම සුරැකීම බවයි.
source :- https://tinyurl.com/2utyhx3y








