කබ්රාල් ඇතුළු සිවු දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාර දෙයි
2012 වසරේ ග්‍රීකය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්...
පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී ගිනි ගනී
රත්නපුර - කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.
ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකුයි අද උදෑසන 07.30ට පමණ මෙලෙස ගිනි ගැනීමකට ලක්වී ඇත්තේ.
කෙසේ වෙතත් එම අනතුරින්...
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ...
ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කෙරේ
බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, පළමු කිලෝමීටරය සදහා අය කළ රුපියල් 100ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සිට අය කළ හැකි ගාස්තුව රුපියල් 85 දක්වා අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
බස් රථ...
පොදු වැසිකිලියේ අපද්‍රව්‍යවලින් පිරෙන කාසල්රි ජලාශය
හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් බස් නැවතුම්පොල භුමියේ පවත්වාගෙන යන පොදු වැසිකිලි පද්ධතිය නිසි ආකාරව පවත්වාගෙන නොයෑමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බව ඒ අවට ව්‍යාපාරික ප්‍රජාව සහ මගීන් චෝදනා කරනවා.
මෙම පොදු වැසිකිලිය භාවිත කිරිම සදහා එක්...
පිරිසිදු කිරීමේ රැකියාවක නියුතු මිලියනපති ශ්‍රී ලංකිකයා
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පිරිසිදු කිරීමේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලාංකීක විනුල් කරුණාරත්න මේ වන විට මිලියනපතියෙක් බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වාර්තා සඳහන් කර සිටියේ මේ වන නිට වයස අවුරුදු 25 ක් වු මෙම තරුණයා මීට වසර නමයකට පමණ පෙර...
නෙලුම් කුළුණේ ඛේදවාචකය ගැන ප්‍රකාශ
නෙළුම් කුලුණෙන් පැන සියදිවි හානි කරගත් 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයයෙන් මේ වන විට පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ බහුවිධ...
වත්කම් බැරකම් අනිවාර්යයි, නැතිනම් වැඩවරදි
නාමයෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකුම එදිනට සිය වත්කම් සහ බැරකම් භාර දීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීම සඳහා නාමයෝජනා භාර දෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ...
මුදල් වංචා කළ තවත් චීන ජාතිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තවත් චීන ජාතිකයින් 20 දෙනෙකු පානදුරේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USB කේබල් 332ක්, රවුටර් 17ක් ඇතුළු අනෙකුත් උපකරණ පොලිස් භාරයට ගෙන...
පාලු ලිඳෙන් හමු වූ නිසල සිරුර
ඊයේ (08) දහවල් කාලයේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය අසල අතුරු මාර්ගයක ඇති ලිඳක් තුල පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පෙරේදා (07) රාත්‍රී ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා...














