
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පිරිසිදු කිරීමේ රැකියාවට ගොස් සිටින ශ්‍රී ලාංකීක විනුල් කරුණාරත්න මේ වන විට මිලියනපතියෙක් බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම වාර්තා සඳහන් කර සිටියේ මේ වන නිට වයස අවුරුදු 25 ක් වු මෙම තරුණයා මීට වසර නමයකට පමණ පෙර සිය අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයෙකු බවයි.
ඔහු සිය අධ්‍යාපන කටයුතු කරන වාරයේදී රාත්‍රියේදී ඔහු තාවකාලිකව සුපිරි වෙළෙඳසැලක සේවයේ නිරත වී තිබෙනවා.

පසුව ඔහු සිය විවේක කාලයේදී නිවාස පිරිසිඳු කිරීමේ කටයුතුවලද ඔහු නිරත වී ඇති අතර එතුළින් ඔහුට හොඳ ආදායමක් ඉපැයීමට හැකියාව ලැබී ඇති බව ඔහු එරට මාධ්‍ය වෙත අදහස් පල කරමින් සඳහන් කර තිබෙනවා.
තව ද විනුල් කරුණාරත්න එරට ප්‍රකට Airtasker නම් වෙබ් අඩවිය හා එක්ව විවිධ සේවා සපයන්නන් ව සපයා ගැනීමට උපකාර කර ගැනීම් සිදු කරයි.
මේ වනවිට එම වෙබ් අඩවිය හා සම්බන්ධ වැඩිම ආදායම් ලබන පළමු 10 දෙනා අතර විනුල් කරුණාරත්න සිටින බව එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
source :- https://tinyurl.com/26w7zn22







