
හැටන් දික්ඔය නගර සභාව මගින් හැටන් බස් නැවතුම්පොල භුමියේ පවත්වාගෙන යන පොදු වැසිකිලි පද්ධතිය නිසි ආකාරව පවත්වාගෙන නොයෑමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බව ඒ අවට ව්‍යාපාරික ප්‍රජාව සහ මගීන් චෝදනා කරනවා.
මෙම පොදු වැසිකිලිය භාවිත කිරිම සදහා එක් අයෙකුගෙන් රුපියල් 40ක මුදලක් අය කරන අතර, එම පොදු වැසිකිලියේ මල ද්‍රව්‍ය එක්රැස්වන වල පිරී පිටාර ගැලීම නිසා එම අපද්‍රව්‍ය බස් නැවතුම්පොල භුමිය පිටුපසින් කාසල්රි ජලාශයට වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය ඔස්සේ ගලා බසින බවටයි ඔවුන් පවසන්නේ.
මේ හේතුවෙන් බස් නැවතුම්පොල භුමියේ සෞඛ්‍ය ගැටළු රැසක් මතු වි ඇති බවත්, බස් නැවතුම්පොල භුමිය පුරා දැඩි දුගන්ධයක් හමන බවත්, මගීන් ඇතුළු බස් නැවතුම්පොලට පැමිණෙන පිරිස් චෝදනා කර සිටිනවා.

හැටන් බස් නැවතුම්පොලට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට බස් රථ ගණනාවක් පැමිණෙන අතර, එම බස් රථවලින් පැමිණෙන මගී ජනතාව සහ බස් නැවතුම්පොල අවට ව්‍යාපාර සිදු කරන ප්‍රජාවට භාවිත කිරිමට ඇති එකම පොදු වැසිකිලිය මෙය බවයි එම පිරිස කියා සිටින්නේ.
වැසි දිනයන්හි මෙම තත්ත්වය දැඩිව බලපාන බවත්, එම දිනයන්හි කාණු පද්ධතිය ඔස්සේ ගලා යන මල ද්‍රව්‍ය බස් නැවතුම්පොල භුමියේ ගලා යන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
source :- https://tinyurl.com/vpjyum5e







