
ඊයේ (08) දහවල් කාලයේ ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනය අසල අතුරු මාර්ගයක ඇති ලිඳක් තුල පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 23ක් වූ වැයිහේන, මත්තක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු පෙරේදා (07) රාත්‍රී ඇල්පිටිය මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/28bnjdm3







