
නාමයෝජනා භාර දෙන සෑම අපේක්ෂකයෙකුම එදිනට සිය වත්කම් සහ බැරකම් භාර දීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීම සඳහා නාමයෝජනා භාර දෙනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල සියලුම අපේක්ෂකයින් විසින් 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතේ 80(1) (ප), 82 (1) (3), 82 (2), 89,90 (4) වගන්ති අනුව ඡන්ද විමසීම දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අදාළ තේරීමහාර නිලධාරී වෙත නාමයෝජනා පත්‍ර සමඟ භාර දිය යුතු බවයි.
එමෙන්ම 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර අපේක්ෂකයන් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමඟ කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.

නාමයෝජනා පත්‍රය සමඟ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාර දීමට අපොහොසත් වීම දණ්ඩනයකට යටත් විය යුතු වරදක් බව දැනුම් දෙනු ලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
source :- https://tinyurl.com/nwcvdau9







