හෙට ලෝක රාජ්‍ය සමුළුව අමතන ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (12) පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.
අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ජනාධිපතිවරයා සහභාගී වන බවයි...
යෝෂිතගේ සහ මිත්තණියගේ හවුල් ගිණුමක මිලියන 59ක මුදලක්
රුපියල් මිලියන 59කට අධික මුදලක් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ගේ හවුල් ගිණුමක පැවැති බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකරන විමර්ශනයෙන් හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඒ...
ඩේසි ආච්චිට විදෙස් ගමන් තහනමක්
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට (ඩේසි ආච්චි) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළා.
ඒ, මුදල් විශුද්ධිකරණ නඩුවක් සහ රුපියල් මිලියන 59ක හවුල් ගිණුමක් පිළිබඳ විමර්ශන මතයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,...
වී අලෙවි මණ්ඩල පනත කඩිනමින්
සහල් තොග රැස් කිරීම සහ ගබඩා කිරීම නියාමනයට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම සඳහා, 1971 අංක 14 දරන වී අලෙවි මණ්ඩල පනත කඩිනමින් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම පනත පැනවූ 1971 සිට මේ දක්වා වසර 54ක් ගත වී ඇති...
විපක්ෂ නායක විදුලිය බිඳවැටීමට සැබෑ හේතුව කියයි
රටටම විදුලිය ඇණහිටීම සම්බන්ධයෙන් ඊයේ මුලින්ම වඳුරාට දොස් කියපු ආණ්ඩුව පස්සේ එම දෝෂාරෝපණය පසුගිය ආණ්ඩු වෙත එල්ල කළා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පවසන්නේ සිය x ගිණුමේ සටහනක් තබමින්.
නමුත් සැබෑ ගැටලුව කුමක්ද කියා හඳුනා ගන්න හිතුවේ...
නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වේ
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රංශ සංචාරය සිදු කෙරෙන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන්ගේ ආරාධනයකට අනුවයි.
මෙම තෙදින ප්‍රංශ සංචාරයට සමගාමීව අග්‍රාමාත්‍ය මෝදි හෙට පැරීසියේ පැවැත්වෙන කෘතිම බුද්ධි (AI) ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇතැයි...
ෂෙයික් අබ්දුල්ලා හමුවූ ජනපති අනුර
ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (10) පස්වරුවේ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය...
ජනපති අනුර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගනී
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී හෙට (11) සිට (13) දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වුණා.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි...
අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර තිබෙ
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නගියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක , 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර ...
ආබාධිත ප්‍රජාවගේ ආධාර උපකරණ බදු යෝජනාවක්
මෙරට පළමු දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුගත් වසන්ත ද සිල්වාගේ මැදිහත් වීමෙන් ආබාධ සහිත පුද්ගල සංවිධාන ගණනාවක නියෝජිතයින් සහභාගී වූ සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.
ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන්.
එම සංවිධාන මගින් තම ප්‍රජාව...














