ජනාධිපති අනුර කුමාර දිසානායක, අද (10) පස්වරුවේ  මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී හෙට (11) සිට (13) දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වුණා.

එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් හරසරින් යුතුව පිළිගත්තා.

එම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා , ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයින් ද සහභාගි වුණා.

මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික හා ආයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.

අනතුරුව, ජනාධිපතිවරයා ඩුබායිහි පිහිටා ඇති සුප්‍රසිද්ධ (Future Museum) හි පැවැත්වෙන ‘TIME 100 Gala Dinner’ රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද ජනාධිපතිවරයා සමඟින් මෙම සංචාරයට එක්ව සිටින බවයි එම මාධ්‍ය ඒකකය පවසන්නේ.

source :- https://tinyurl.com/wmwfzztr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here