
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රංශ සංචාරය අදින් ආරම්භ වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රංශ සංචාරය සිදු කෙරෙන්නේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රන්ගේ ආරාධනයකට අනුවයි.
මෙම තෙදින ප්‍රංශ සංචාරයට සමගාමීව අග්‍රාමාත්‍ය මෝදි හෙට පැරීසියේ පැවැත්වෙන කෘතිම බුද්ධි (AI) ක්‍රියාකාරී සමුළුවේ සම සභාපතිත්වය දරනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අගමැති මෝදි ප්‍රමුඛව එම සමුළුව සඳහා සහභාගී වන අනෙකුත් රාජ්‍ය නායකයින්ට ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මැක්‍රොන් විසින් එලිසි මාලිගයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයහක් ද සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෙබරවාරි 11 වෙනිදා පැවැත්වෙන AI සමුළුවෙන් පසුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මැක්‍රොන් ඉන්දීය – ප්‍රංශ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය ඇමතීමට නියමිතයි.
source :- https://tinyurl.com/zrpr8zru








